රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්‌ Video

සංචාරක ඕසටේ‍්‍රලියානු කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලූ ති‍්‍රත්වක් වාර්තා කිරීමට රංගන හේරත් සමත් වුණා. ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය ලෙස දැවී ගියේ ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටර්ක්. ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ ති‍්‍රත්වයක් දවා ගත් දෙවන පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.මේ දස්කම කළ පළමුවැන්නා වූයේ නුවන් සොයිසායි.

තවද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 50ක් ලැබා ගැනීමට ද හේරත් මෙහිදී සමත් වුණා.

සංචාරක ඕසටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩාය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනයේ අද පෙරවරුවේ ආරම්භ වුණා. අද දිනයේ යැවූ දෙවන පන්දුවාරයේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ තුන්වන කඩුල්ල ලෙස උස්මන් කවජා දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත්වීම විශේෂත්වයක්. ඉන් පසුව යැවූ පන්දුවාරයේ පළමු පන්දුවේදී ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීමට රංගන හේරත් සමත් වුණා.

එ් අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 85 ක් රැස්කර ගෙන සිටිනවා. එ් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 281කට පිළිතුරු වශයෙන්.
Rangana Herath takes hat-trick against Australia