අලුත් වැට් පනතක් එයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග අලුතින් ඉදිරිපත් කිරීමට නියමිත වැට් බදු සශෝධන පනත් කෙටුම්පත සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස්ද ඇතුළත්කොට පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය තීරණය කර ඇත. 

වැට් බදු සංශෝධනය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉකුත් සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වනවිට වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අදහස් හා අනුමැතිය සහිතව නව වැට් සංශෝධන පනත් කෙටුම්පත ලබන මාසයේදී යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රටේ ආර්ථික හා බදු සංශෝධන සම්බන්ධයෙන් පෙනී සිටින අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.