මහනුවර ධර්මරාජයේ විදුහල්පති ආනන්ද විදුහලට

කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා දකුණු පළාතට අනුයුක්‌ත කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කර ඇත.

ආනන්ද විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති එස්‌. එම්. කීර්තිරත්න මහතා පත් කිරීමට නියමිත අතර, ධර්මරාජ විදුහලේ විදුහල්පති ධුරය සඳහා හිටපු ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයකු වන රංජිත් චද්‍රසේකර මහතා පත් කිරීමට නියමිතය.

කිත්සිරි ලියනගමගේ මහතා දකුණු පළාතට අනුයුක්‌ත කෙරෙන්නේ ඒ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට අදාළ මූලික පරීක්‍ෂණ කටයුතු සඳහා පහසුවක්‌ වීමටය. ඒ මහතා කළ බව කියන දූෂණ හා අක්‍රමිකතා රැසක්‌ සම්බන්ධයෙන් දෙමවුපියන් හා ආදි සිසුන් පිරිසක්‌ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත.