පාගමනේ ගිය ෆේස්බුක් ඇඩ්මින් ගුටි කාලා!

ජන සටන පාද යාත්‍රාව අතරතුරදී ඔවුන්ගේ ප්‍රධාන ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වන නුවන් නිරෝධ අල්විස්ට පහරදීමක් සිදුව ඇති බව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

පාද යාත්‍රාවේ සිව් වැනි දිනයේ තමන්ට මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවයි එහි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමකදී නුවන් නිරෝධ අල්විස් තමන්ට පහරදීමක් සිදුවූ බව තහවුරු කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින් දැක්වෙනවා.