සුසන්තිකාට නව තනතුරක්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ධාවන ශූරියකු වන ඔලිම්පික්‌ පදක්‌කම් ලාභී සුසන්තිකා ජයසිංහව ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සහ පුහුණුකිරීම භාරදී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ පත්වීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සුසන්තිකා ජයසිංහට ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ආදි කටයුතු සුසන්තිකා ජයසිංහ විසින් සිදුකිරීමට නියමිතය.