සමුළුවට බැසිල්ට ආරාධනා නැතිලු

ලබන මස 4 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුවට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ බැසිල් රාජපක්ෂ මහතාට ආරාධනා කර නැත. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකයි. පසුගිය මහ මැතිවරණයට ඔහු තරග නොකළ අතර 2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රී ලපයෙන් තරග කොට ලක්ෂ හතරකට අධික මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.

ශ්‍රී ලනිප සමුළුවට සහභාගි වන්නේ නැද්දැයි රාජපක්ෂ මහතාගෙන් ඊයේ විමසූ විට කීවේ තමාට ආරාධනා පත්‍රයක් ලැබී නැති බවයි.