පෙම්වතිය පොල්වත්තකට එක්කන් ගිහින් කරපු දේ

නිමාවට පත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් සිටි පාසල් සිසුවියකට පොල් වත්තක් තුළදී අපූරු පාඩමක් කියා දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව දංකොටුව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සඳලංකාව හෙන්දිරික්කාමුල්ල ප්‍රදේශයේ තරුණයකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරු මෙම පාසල් සිසුවියගේ පෙම්වතා බව පැවැසේ. දෙදෙනා එකම ගමේ පදිංචිකරුවන් බවද පොලිසිය හෙළි කරගෙන ඇත.
සිසුවිය උසස් පෙළ විභාගයට පෙනී සිට එන අතරේ පසුගියදා (7දා) පොල් වත්තක් තුළට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව අනාවරණය වේ. මෙම සිද්ධිය තමන් පෙනීසිටින විභාගයට බාධාවක් වේවි යැයි සැක සිතා ඇති පාසල් සිසුවිය මේ බව තම මවට පවසා නැත.

විභාගය අවසන් වීමෙන් අනතුරුව 28 වැනිදා සවස තමන්ට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් මව සමඟ පැවැසීමට පාසල් සිසුවිය කටයුතු කර ඇත. අනතුරුව ඇයගේ මව සිද්ධිය ගැන දංකොටුව පොලිසියට පැමිණිලි කර තිබේ.
අතවරයට පත්ව ඇති බව කියන පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇත.