පාද යාත්‍රාව අතිශයින් අසාර්ථකයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අතිශයින්ම අසාර්ථක වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (01) පැවසුවාය.වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිතුමිය මේ බව සඳහන් කළාය.

පාද යාත්‍රාව සාර්ථක ද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ පෙනෙන විදියට එය අසාර්ථක බවය.