පාද යාත්‍රාව සාර්ථකයි

පාද යාත්‍රාව සාර්ථක බවත් ආණ්ඩුව පළවා හැරීමට බඩ ගැන නොසිතා රට ගැනි සිතා කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (01දා) ගාල්ලේදි පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ “ඒවා ඉතින් දේශපාලනයෙන්. ඒවා කතා නොකර ඉමු. ඒක සාර්ථකව ඉදිරියට ඇඳනෙවා. පාද යාත්‍රා නෙමෙයි තව ටික කාලයක් යනකොට මිනිස්සු ගම්වල ඉදන්ම ගල් මුල් අරගෙන පාරට බහියි. අනාගත කාලයේදී මිනිසුසු වීදි සටන් කරන්න වෙයි.

හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දේ දුන්නේ නෑ සුළු ජනවර්ග ළවා මහ ජනතාවට ටොකු අනින්න. රටේ ජනපතිවරයත් අගමැතිවරයත් යන එන මං නැතිව දොඩවනවා. දවසින් දවස රට අගාදයට යනවා. පාද යාත්‍රාව සාර්ථක වෙනවා. දැන් බඩ ගැන නොහිතා රට ගැන හිතලා මේ ආණ්ඩුව පළවා හරින්න කටයුතු කළ යුතුයි.”