ඩලස් ඇතුළු පිරිසක් ආණ්ඩුවට ?

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සමඟ ඩලස් අලහප්පෙරුම මහතා ද ආණ්ඩුව හා එක්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

කොළඹ ශ්‍රවස්තියේ දී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවක දී ඒකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීදෙනෙකු ආණ්ඩුව හා එක්වන්නේ ද ඒ කවුරුන් ද යනුවෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩුව හා එක්වීමට එකඟතාව පළකර තිබෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා ද එක්වීමට ඉඩ ඇති බවත්ය.