අලුත් ආසියානු ක්‍රිකට්‌ මහගෙදර

රටවල් 25 ක සාමාජිකත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට්‌ සභාවේ නව මූලස්‌ථානය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන පරිශ්‍රයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් පෙරේදා (20දා ) විවෘත විය.

ආසියානු කලාපයේ ක්‍රිකට්‌ සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව අදාළ ආයතනය ආරම්භ කිරීමේ අවස්‌ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන ඇතුළු ආරාධිතයින් සහභාගී වූහ.

මෙම ආයතනය හා සම්බන්ධ රටවල් - ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌ථානය, බංග්ලාදේශය, ඇµaගනිස්‌ථානය, බහරේන්, භූතානය, කාම්බෝජය, චීනය, හොංකොං, ඉරානය, කුවේට්‌, මලයාසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, ඕමානය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, තායිවානය, තර්කිස්‌ථානය, තායිලන්තය, එක්‌සත් අරාබි එමීර්, බෲනායි.