ඒකාබද්ධ විපක්ෂයේ අවසන් තීන්දුව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (22) රැස්වෙති.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් බත්තරමුල්‍ලේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේදී අද සවස මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනාම සහභාගි වන බව දැනුම්දී ඇත.