5 ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 2959 කදී අද (21 වැනිදා) පැවැත්වේ.

සිසු සිසුවියෝ 350701 දෙනෙක්‌ මේ සඳහා පෙනී සිටිති. ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 421 ක්‌ වෙති. විභාගය සඳහා 28000 ක පමණ කාර්ය මණ්‌ඩලයක්‌ යෙද වේ.

විභාගයේ විවේක කාලයේදී හෝ වෙනත් අවස්‌ථාවක දී දෙමවුපියන්ට විභාග මධ්‍යස්‌ථානවලට ඇතුළුවීම සපුරා තහනම් බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා ට පැවසීය.

උදේ 9.30 ට විභාගය ආරම්භ වන අතර උදේ 9 වනවිට අයෑදුම්කරුවන් විභාග ශාලාවේ අසුන්ගත යුතු බවද ඒ මහතා කීවේය.