3වෙනි ඔලිම්පික් රන් පදක්කමත් ගත්ත එංගලන්තයේ Farah

Farah dazzles කියන්නේ තුන්වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනු එකම බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩකයා.

මීටර් 10,000 පිරිමි දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ෆාරා ඊයේ සමත් වුණා. මීට අවුරුදු හතරකට පෙර ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගයේද මේ ඉසව්වේ ජයග්‍රාහකයා ඔහු යි.

කිසිවෙකුත් නොසිතු වැඩක් ෆාරාට ඊයේ සිද්ධ වුණා.ඒ තරගය එක් වටයකදී ෆාරාගේ කකුල පැටලී බිම වැටීම නිසා.නමුත් උත්සහවන්ත මේ ක්‍රීඩකයා එයින් නොසැලී නැවත නැගිට දුවන්න පටන් ගත්තා. ඒ දිවිල්ල අවසන් වුණේ තුන්වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනු එකම බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩකයා වෙමින්.

තමන් මේ ලෙස ශක්තිමත් වීමට හේතුව ලෙස ඔහු කියන්නේ තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආදරය සහ ඔහුගේ නිරන්තර පුහුණු බවයි.