ඕස්ට්‍රේලියාව සියල්ල දැවී 106

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ පිළිතුරු පළමු ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියලුදෙනා ලකුණු 106කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුළු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව ලක්ෂාන් සදකැන් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පන්දුවට පහරදීමේදි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 42ක් ලබාගත්තා.