යාපනේ සරසවි සිසු සංගම් සභාපතිගේ FBඑකේ ඊලම [Photo]

යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන මහතා සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.

“යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.

තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.

සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තනකේශ්වරන්ගේ face book ගිණුම් කවරයයි. (Link)

පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.

ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය.

සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.”

– FB Dr.Channa