වැට් බදු නොගහන භාණ්ඩ මෙන්න

භාණ්ඩ 133ක් සේවා 21ක් වැට් බද්දෙන් නිදහස්

එකතුකළ අගය මත අය කෙරෙන වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා ඉහළ නැංවීමත් සමග භාණ්ඩ 133ක් හා සේවා 21ක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

වී, බිත්තර වී, සහල්, තිරිඟු, කරඳමුංගු, කුරුඳු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ගම්මිරිස්, දිසිදි ‍පොල්, රබර්, ‍ලේටෙක්ස්, ‍පොල්, තේ, සහල් පිටි, පාන් පිටි, පාන්, ළදරු කිරිපිටි, දියර කිරි, පිටිකිරි, ඖෂධ නිෂ්පාදන සහ බෙහෙත්, ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය, ආයුර්වේද ඖෂධ, ආයුර්වේද නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය, ගුවන් යානා, හෙලිකොප්ටර්, මුතු, දියමන්ති, ස්වභාවික හෝ සින්තටික්, ඉතා වටිනා හෝ අර්ධ වටිනා පාෂාණ, දියමන්ති කුඩු, වටිනා ලෝහ, වටිනා ලෝහයන්ගෙන් යුතු ලෝහ පතුරු, රත්‍රන් කාසි, ‍පොත්, බොර පෙටේ‍රා්ලියම් තෙල්, භූමිතෙල්, ද්‍රව පෙටේ‍රා්ලියම් ගෑස් සහ ගුවන් යානා ඉන්ධන, නෞකා ඉන්ධන, ක්‍රීඩා උපකරණ, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදා ගන්නා යන්ත්‍ර, අව් කණ්ණාඩි, සුවඳ විලවුන්, මෝල්ඩින්ග්, ඡායාරූප සංවේදී අර්ධ සන්නායක උපකරණ, ඇස් කණ්ණාඩි හා කණ්ණාඩි රාමු නිෂ්පාදනය සඳහා වූ අමුද්‍රව්‍ය, කුකුළු, තාර ආදී කර්මාන්ත සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හා අමතර කොටස්, ඉරන ලද ලී, ගෘහාශ්‍රිත පරිභෝජනයට ගන්නා රෙදිපිළි, බවුසර් රථ, බුල්ඩෝසර් රථ, ග්‍රේඩර් රථ, ලෝලර් රථ, එක්ස්කැවේටර් රථ, ගිනිනිවන රථ, බලශක්ති පිරිමැසුම් නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය, ආනයනික පදම් නොකළ ලී කඳන්, අධි ‍ප්‍රෝටීන් හා අධිශක්ති කෘෂි ආහාර, මුහුදු වැලි, දේශීයව නිෂ්පාදිත හෑන්ලුම් රෙදිපිළි, දේශීයව නිෂ්පාදිත ‍පොල්තෙල් ‍පොල් කෙඳි, වගා පැලට්ස්, වගා බෑග්, ඇඹරූ කෙඳි, ‍පොල්ලෙලි, මැටි උළු, පිරිසැකසුම් නොකළ කෘෂි හෝ ධීවර නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ ඉස්සන්, ආනයනික වේවැල්, දේශීයව සැකසූ කිරි නිෂ්පාදන, දේශීයව සැකසූ සහල් නිෂ්පාදන දේශීයව නිපදවූ සීනි, තේ කර්මාන්තය සඳහා යොදා ගන්නා දේශීයව නිපදවූ යන්ත්‍ර සූත්‍ර, ශල්‍යකර්ම සඳහා යොදාගන්නා දේශීයව නිපදවූ ගොස්, දේශීයව නිපදවූ ආභරණ, දේශීයව නිපදවූ වගා පැලට්ස්, දේශීයව සංවර්ධනය කරන ලද මෘදුකාංග, දේශීයව නිපදවූ ජල හා සුළං බලාගාර යන්තේ‍රා්පකරණ හා මෙවලම්, දේශීයව නිපදවූ ටර්බයින, දේශීයව නිපදවූ මැටි වළං නිෂ්පාදන, දේශීය වෙළෙඳ‍පොළ සඳහා දේශීයව නිපදවූ රෙදිපිළි, කෘත්‍රිම අත්පා කිහිලිකරු, රෝදපුටු, ශ්‍රවණ උපකරණ, ශ්‍රවණ උපකරණ සඳහා වූ මෙවලම්, සුදු සැරයටි, බෙල් යතුරුලියන හා අමතර කොටස්, බේ්‍රල් ලිවීමේ කඩදාසි හා බෝඩ්, කෘෂි ට්‍රැක්ටර් හෝ මාර්ගගත ට්‍රැක්ටර්, ජංගම දුරකථන, කෘෂි උපකරණ මෙමොටීස්, මුල්ලුව, ‍පොහොර, ආටේමියා, බිත්තර හා පීට්මෝස්, කෘෂි බිජ, කෘෂි පැළ, කූණිස්සන් ‍පෝෂණ, ඉදිකිරීම් කර්මාන්ත සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර, කිරි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, පරිගණක සහ පරිගණක උපාංග, රෙදිපිළි කර්මාන්තයට යොදාගන්නා මැනේනුල්, හැන්ඩ්ලුම් කර්මාන්තයට යොදා ගන්නා වර්ණක, සහල් මෝල් කර්මාන්තයට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර, ඉස්සන්, සූර්යකෝෂ මොඩියුල් උපාංග හා සූර්යකෝෂ නිවාස පද්ධති, අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ, ටිකට්පත් නිකුත් කරන යන්ත්‍ර නිෂ්පාදනයට යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර, පෙට්්‍රල් ගල් අඟුරු හෝ තාර, බේකරි නිෂ්පාදන සඳහා වූ ධාන්‍ය නිපදවීමට යොදාගන්නා යන්ත්‍ර සුත්‍ර හෝ මෙවලම්, ලොරි පාවහන් හෝ බෑග් නිපදවීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ මෙවලම්, වාහන නලා, ටැක්සි මීටර්, කෘෂි යන්ත්‍ර සුත්‍ර සහ අමතර කොටස්, ඉලෙක්ටේ‍රානික උපාංග හෝ කොටස්, සැහැල්ලු ඉලෙක්ටේ‍රානික් සහ ඉලෙක්ට්‍රිකල් උපාංග, පලතුරු බිජ, විදුලි සංදේශ උපකරණ, විදුලි සංදේශ කර්මාන්තය සඳහා වූ යන්ත්‍ර සූත්‍ර හෝ අධි තාක්ෂණික උපකරණ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සඳහා භාවිතා කරන අමතර කොටස් හා උපාංග, ලොරි, ට්‍රක්, බස්රථ දේශීයව නිපදවූ ෆාම් තෙල්, පදම් නොකළ දැව කඳන්, ගුවන් යානා එන්ජින් හෝ ගුවන් යානා අමතර කොටස්, පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැකසූ ලොරි ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, ගුවන් යානා ස්ටිමියු‍ලේටරයන් හා කොටස් යන භාණ්ඩ133 වැට් බද්දෙන් නිදහස් කර ඇත.

අධ්‍යාපන ආයතනයක් මගින් නිර්දේශිත අධ්‍යාපන සේවා, යම් පුද්ගලයකු හෝ හවුල්කාරීත්වයක් මගින් නිර්දේශිත අධ්‍යාපන සේවා, මහජන පුස්තකාල සේවා. ‍පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය හා බෙදාහැරීම්, ආදාහන හා භූමිදාන අවමංගල්‍ය සේවා, විදෙස් සංවිධාන මගින් සෘජුවම අරමුදල් සැපයෙන භාණ්ඩ හෝ සේවා, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් මෙහෙයුම්, විනිමය හුවමාරු, ජීවිත
රක්ෂණ, අග්‍රහාර රක්ෂණය, භෝග හා පශු සම්පත් රක්ෂණය, සේයා පටල නිෂ්පාදනය සඳහා වූ රසායානාගාර පහසුකම්, ඕනෑම ආකාරයක යාත්‍රාවක් සඳහා වූ සේවා, දේශීය දුරකථන සේවා සමාගම් වෙත බලපත්‍ර සැපයෙන සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා, වාණිජ දෙපාර්තමේන්තු සේවා, ඕනෑම ආකාරයක ජාත්‍යන්තර වැඩසටහනක් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අනුමත විශේෂ සේවා, ඒකක භාර කළමනාකරණ සමාගමේ සේවා, ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රීඩකයකුට ක්‍රීඩා සංවිධායකයකුට හෝ අනුග්‍රාහකයකුට සැපයෙන නවාතැන් පහසුකම් සහ සේවා 21ද වැට් බද්දෙන් නිදහස් කර ඇත.

රන්මලී සෝමසිරි