එස්.බී. ගේ මව කලුරිය කරයි

අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19) දහවල් අභාවප්‍රාප්ත වූවාය.

පිරිමි දරුවන් 06 දෙනෙකුගේ හා ගැහැණු දරුවන් 02දෙනෙකුගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ.දිසානායක මහතාගේ දයාබර බිරිඳ වූවාය.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක, මධ්‍යම පලාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක, ජී.බී.දිසානායක (නැසීගිය ), මධ්‍යම පලාත් සභා ඇමැති සාලිය බණ්ඩාර දිසානායක (නැසීගිය ), එන්.ආර්.බී දිසානායක, රංජිත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය මානෙල් දිසානායක හා ඉන්ද්‍රලතා දිසානායක යන අය ඇයගේ දරුදැරියන් වේ.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ හා ටී.බී.හේරත් යන මහත්වරුන් මියගිය ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මියගේ බෑණාවරුන්වේ.

අවසන් කටයුතු සෙනසුරාදා (ජූලි23) සවස හඟුරන්කෙතදී සිදුකෙරේ.

දේහය අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ හඟුරන්කෙත නිවසේ තැන්පත් කර ඇත.