රටටත් ජනපතිටත් අපලයි

රාමසාන් ගව සංහාරය රටටත් ජනපතිටත් අශුභයි.

ජනතාවගේ සිත් කුපිතවේ.
ස්වදේශිකයින්ට/භික්ෂූන් වහන්සේලාට අභියෝග කිරීමට/නින්දා කිරීමට, වන සහ සත්ව සංහාරයන්ට කුජ පිළිතුරු දීමට උත්සහ ගනී.
පෙර මෙන් ජලයෙන් ගින්නෙන් වතුරෙන් රටට බලපෑම්???
භූමිපුත්‍රයින්ට කුජගේ / කතරගම ‍දෙවියන්ගේ සහය….

කුජ ග්‍රහයා යනු යුද්ධයට අධිපති, ලෙයට අධිපති මෙන්ම ග්‍රහ මණ්ඩලයේ සෙන්පතියාය. භූමිපුත්‍ර කාරකයාය. ශනි සමග වෘෂ්චිකයේ ගමන්කල කුජ වක්‍රවීම නිසා ජූනි 17 දින තමන් පෙර සිටි රාශිය වන තුලාවට ඇතුල්වූ අතර නැවතත් නිවෘත වී ජූලි මස 12 වන දින සිය ස්වක්ෂේත්‍ර රාශියක් වූ වෘෂ්චිකයට එළැඹෙයි. 

කුජ ශනි සමග ගමන් කල කාලයේ රටට විශාල ස්වභාවික ව්‍යසනයන් වලට මුහුණ පාන්නට සිදුවූ ආකාරය ඔබට මතක ඇතැයි සිතමි. නායයාම්, ගංවතුර වැනි ජලයෙන් සුලගෙන් පමණක් නොව ආයුධ ගබඩා පිපිරීමෙන් ගින්නෙන් පවා එක විට රට ව්‍යසනයට පත් කරවීමට කුජ සහ ශනි යන ග්‍රහයින්ගේ බලපෑම බෙහෙවින් බලපා ඇති බව පැහැදිලිය. 

එමෙන්ම ඉතා කෙටි කාලයක් තුල කදුකර දිවියන් විශාල වශයෙන් මියයාම්, මරා දැමීම් වර්ධනය විය. කුජ බලවත් අයෙක් පොලිස්පති විය. මහජනයාට කාරකත්වය දරන ශනි වෘෂ්චිකයට සතුරුය. ජනතාවගේ සිත් පීඩාවට පත්ව ඇත. ඔවුන්ට තරමක හෝ සැනසිල්ලක් ලැබීමට තව මාස 6-7 ගතවනු ඇත.

පෙර සිටි පරිදි ජූලි 12 සිට නැවතත් කුජ තමන්ගේම නිවහනක් වූ වෘෂ්චිකයට එළඹෙන්නේ වෘෂ්චිකයට සතුරු ශනි අවි අමෝරාගෙන සිටින තත්වයකදීය. 

මෙම දෙදෙනා කිසි විටෙක මිතුරු නොවෙති. කුජගේ බලවත් වීමත් ශනිගේ සතුරුවීමත් යන දෙකේදී සතුරු වූ ශනි දෙස අඩු තක්සේරුවකින් මැනිය නොහැක. ශනි පීඩිත මහජනයාගේ තත්වයත් කුජ බලවත්වන භූමිපුත්‍රකාරක දෑහිතකාමීන්වත් මේ මොහොතේදී නිවේදනය කරන බව මාගේ අදහසයි. එබැවින් යම් හෙයකින් ජනවර්ග අතර ගැටුමක් අතිවේ නම් ඊට වඩාත් වැඩි අවධානමක් ඇත්තේ ස්වදේශිකයන් සහ මුස්ලිම් අන්තවාදීන් අතර ය. කුජගේ සහ ශනිගේ අපලයට ගව දානය සිදු කිරීම සෘෂි මතයයි. 

වක්‍ර වූ කුජ තුලාවට ගොස් නැවත තම නිවහනට එළඹෙන විට රාමසාන් නිමිත්තෙන් සාමාන්‍යය දෛනික ගව ඝාතනයන්ට වඩා දරුණු ගව සංහාරයක් සිදුව තිබීම කුජගේ කිපීමට හේතුවන බව කිවයුතුය. එය සතුරු ශනි ග්‍රහතෙම වුවද කිසිසේත් නොඉවසනු ඇත. එබැවින් මෙම තත්වය සියළු දෙනා ඉතාමත් අවධානයෙන් පසුකල යුතු කාලසීමාවක් පෙන්නුම් කරයි.

වන සංහාරය, අනවසර පදිංචි කිරීම්, වන සත්ව සංහාරය, ගව ඝාතනය, භූමිපුත්‍රකාරකයින්ට/භික්ෂූන්වහන්සේලාට හිරිහැර කිරීම් අභියෝග/අපහාස කිරීම් යනාදියට කුජ නියතවම පිළිතුරු දෙන්නට උත්සහ කරනු ඇත. එමෙන්ම තුලා ලග්නයෙන් දෙවැන්නේ ශනි ගමන්කරමින් සිටින නිසා ඒරාෂ්ඨක තත්වයකින් පසුවන ජනාධිපතිවරයා පාලකායව/ රටේ පරුමුකයාව සිටියදී ගව සංහාරයකට පහසුකම් සැපයීම(ඉඩදී බලා සීටීම) ඔහුට කිසිසේත්ම අනුචිතය.

මෙම තත්වය සමනය කර ගැනීමටත් භූමිපුත්‍ර කාරකයින් ශක්තිය ලබාගැනීමටත් ගව දානය, ගව සත්කාර, වයෝවෘද්ධ පිරිමි අයට සැලකීම මෙන්ම කතරගම කන්දේ කුමාර/කතරගම මහසෙන් දේව ශක්තියේ පිහිට පැතීම, යැදීම වැදගත් වේ. එමෙන්ම මෙවැනි ජනවර්ග අතර ගැටුම් මෙන්ම ජලයෙන් ගින්නෙන් සුළගෙන් සිදුවන ව්‍යසනයන් පිළිබදවද අවදානයෙන් පසුවිය යුතුය. ජනතාවගේ සිත් කෝප ගැන්වෙන තත්වක් වර්ධනය විය හැක.

මෙම ලිපිය ලිවීමේ අරමුණ මා අනාවැකි පවසන අනාවැකි කරුවකු වීමට නොව මම දකින අවදානම සමාජයට ඒත්තු ගැන්වීම පිණිසම පමණක් වන බව සිහිපත් කරමි.

සමීර චන්ද්‍රසිරි
ජ්‍යොතිර් විද්‍යා ගවේශක.
හෙළබිම ජ්‍යොතිෂ ජාලය