රාජසිංහ රජුගේ නෑයෝ ලංකාවට ඇවිත්

ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ‍්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී අද (05) අනාවරණය කළේය.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඞී.නිමලසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පල්ලේකැළේ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී අද (05) මධ්‍යම පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී වැඩිදුරටත් මංත‍්‍රී වරයා සඳහන් කළේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට එක් හේතුවක් වන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිල බවයි.

ලෝක උරුම මහනුවර නගරයේ ඇති විශාලතම කෝවිල සෙල්වර් විනායගර් කෝවිල බවත් එහි දේපල වලට මේ වන විට විශාල තර්ඡනයක් ඇති වෙමින් පවතින බවද මංත‍්‍රී වරයා කීය.

මෙම කෝවිල 1675 වසරේ දී කීර්ති ශ‍්‍රී රාඡසිංහ රඡතුමා විසින් ඉදිකරන ලද කෝවිලක් වන අතර එදා අක්කර අටක් පමණ මෙම කෝවිලට තිබුණත් මෙම කෝවිලට අද ඒ ඉඩම් අහිමි වී ඇතැයිද පැවසීය.

අද එම කෝවිලේ ඇතැම් දේපල සමහරු බලෙන් අල්ලාගෙන සිටින නිසා ඒවායින් කිසිදු ආදායමක් මෙම කෝවිලට නොලැබෙන අතර මෙම කෝවිලත් ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් අත්පත් කරගැනීමට යන බව පැවසීය.

මහනුවර ඇසළ පෙරහැර අවසානයේ දිය කැපීමෙන් පසු එම ඡල බඳුණ තැන්පත් කරන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිලේ බව මංත‍්‍රි වරයා පෙන්වා දුන්නේය.

අතීතයේ සිට දළඳා පෙරහැරත් සමග සමීප සබඳතා පවත්වා තිබෙන මෙම කෝවිල කීර්ති ශ‍්‍රි රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසන පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ මෙම කෝවිල සහ එහි දේපල අත්පත් කරගැනීමට සුදානම් වන බවට ආරංචි පැතිර යන බවද මංත‍්‍රි වරයා පැවසීය.

මධ්‍යම පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වරයා ඇතුලූ සියලූ දෙනා එක්ව මෙම කෝවිල ආරක්ෂා කරගත යුතු බවද මංත‍්‍රි වරයා සඳහන් කළේය.

ලෝක උරුම මහනුවර නගරයේ ඇති මෙම කෝවිල පූඡා භූමියක් ලෙස 2002 වසරේ ඔක්තෝම්බර් මස 08 වන දින නම් කර ඇති බවත් ඒ සඳහා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇතැයි මංත‍්‍රී වරයා සඳහන් කළේය. මධ්‍යම පළාතේ ආගමික සහඡීවනය ඇති කිරිමට වැදගත් වන සිද්ධස්ථානයක් වන මෙම කෝවිල අප සියලූ දෙනා එක්ව ආරක්ෂා කරගත යුතු යැයි මංත‍්‍රි වරයා සඳහන් කළේය.

ගයා වන්නිආරච්චි