
කුඩු විකුණා ලබාගත් බවට සැකකරන රුපියල් පනස් එක්දහස් නවසීයක මුදලක්ද සොයාගෙන ඇත.
පෙරේදා (27දා) රාත්‍රි පොලිස් නිලධාරීන් විසින් මේ ස්ථානය වැටලූ අවස්ථාවේ එහි තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40 බැගින් අසුරන ලද කුඩා පැකට් 4,000ක තොගයක්ද සොයා ගැනීමට හැකිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ රහසිගත මධ්‍යස්ථානය මාසිකව රුපියල් පහළොස් දහසක මුදලකට කාන්තාවකගෙන් කුලියට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිනකට රුපියල් විසි ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ භාගයක ප්‍රමාණයක් පැකට් කර බෙදා හරින බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
එම ස්ථානයේ සිට ගල්කිස්ස, නුගේගොඩ, මහරගම, පිළියන්දල, හෝකන්දර ප්‍රදේශවලට හෙරොයින් බෙදා හරින බවත් මෙය වසරකට අධික කාලයක් තිස්සේ මේ ස්ථානයේ සිට සිදුකෙරෙන බවත් අනාවරණය වී තිබේ.
එම ස්ථානයේ පැකට් කරනු ලබන හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා යොදාගන්නා කිරුම් මිනුම් ඉලෙක්ට්‍රොනික් උපකරණද පැකට් කිරීම සඳහා කොළ කැපීමට යොදාගත් යන්ත්‍රයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් යතුරුපැදි තුනක්ද පොලිසිය භාරයට ගෙන ඇත.