
මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක කුලී පදනමක් යටතේ ඉකුත් අප්‍රේල් 08 වැනිදා ලබාගත් මේ ගොඩනැඟිල්ල වෙනුවෙන් අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත.
ගණන් දීමේ නිලධාරියා වශයෙන් රජයේ මුදල් මේ අන්දමින් වැය කිරීම යෝග්‍යදැයි ගනුදෙනුව සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදෙන විගණකාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය මැයි 06 වැනිදා විමසා තිබේ.
අංක සී/ඒ.ජී.එල්/15/ඒකිව්/21 යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් යවනු ලැබ ඇති ලිපියේ එම විස්තරය දැක්වෙයි.