දැන් ඡායා කැබිනට්ටුවක් නැහැ

අගමැති ඉවත්වන විට කැබිනට් මණ්ඩලයම ඉවත්වන බැවින් දැන් ඡායා කැබිනට් මණ්ඩලයක් නොමැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙන්නප්පුවේදී පැවසීය.

වෙන්නප්පුව සිරිගම්පල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඊයේ(09දා) සංවිධානය කර තිබූ ආශිර්වාද පිංකමෙන් අනතුරුව පැවති ජනහමුවට සහභාගීවෙමින් හෙතෙම මේබව කීය. ඒකාබද්ධ විපක්ෂයේ ඡායාකැබිනට්මණ්ඩලය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා මෙසේදකීය.

"ආණ්ඩුව වෙස්මිනිස්ටර් ක්‍රමයකට යන්න ලෑස්ති වෙන නිසා තමයි අපිත් ඒකට සූදානම් වුණේ. කොහොම වුණත් මේක අපේ ප්‍රතිපත්තියකුත් නෙමෙයිනේ. ඒකාබද්ධ විපක්ෂය ඡයා කැබිනට් මණ්ඩලය කියල නම් කරලා තියෙන්නේ පොඩි වචන වැරදීමකින්.

අපි හැදුවේ දැන් තිබෙන අමාත්‍යාංශ අධීක්ෂණය කරන්න පමණයි. එනිසයි අපිඒ කාබද්ධ විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ව ඒසඳහා නම්කළේ. අනෙක අපි ආණ්ඩුවක් හදනකොට අපි ඇමතිවරු පනස්ගණන්,හැත්තෑගණන් එකසියගණන් පත් කරන්නේ නැහැ. ඒවගේම අපේ කැබිනට් මණ්ඩලයක ඇමතිවරු පත්කරද්දි අත්දැකීම්බහුල පරිණත අයව තමා කැබිනට් එකට අපිදාන්නේ. කොහොමත් අගමැතිතුමා අයින්වෙද්දි කැබිනට් එකම අයින්වෙනවනේ. ඒ නිසයිමම ඡායා අගමැතිකම අවශ්‍ය නෑකීවේ. දැන් කැබිනට් එකකුත් නෑනේ.එතකොට තිබෙන්නේ අධීක්ෂණ තනතුරු පමණයි