නිරුවත්ව නිල් පැහැයෙන් Video

ඇඳුම් උනා දමා නිරුවත්ව නිල් වර්ණාලේපන ඇඟ තවරා ගත් තුන්දහස් දෙසීයක පිරිසක් බ්‍රිතාන්‍යයේ හල් නගරයේදී කලා නිර්මාණයක් සඳහා පෙනී සිටියහ.

ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන ස්පෙන්සර් ටුනික්ගේ කලා නිර්මාණයක් සඳහා පෙනී සිටි පිරිස අතර ලොව නන්දෙසින් පැමිණි අය වූහ.

ජලය සංකේතවත් කිරීම සඳහා නිල් පැහැති ආලේපන යොදා ගෙන ඇති අතර 'හල් පෙදෙසේ මුහු'ද ලෙස නම් කොට ඇති කලා නිර්මාණය 2017 වසරේ පැවැත්වීමට නියමිත 'හල් කලා සැණකෙළියේදී' ප්‍රදර්ශනය කෙරෙනු ඇත.