ගම්මන්පිල පාර්ලිමේන්තු එයි Video

gammanpila
රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාර බස් රථයකින් පාර්ලිමේන්තු පැමිණියේ ය.

මහජන පිවිසුමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූ මන්ත්‍රීවරයා පිටුපසින් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු පැමිණි අතර ඔවුහු මහජන පිවිසුමෙන් නතර වූහ.

අනතුරුව පාර්ලිමේන්තු ‍පොලිසි නිලධාරීන් දෙදෙනකු මන්ත්‍රීවරයාගේ අරක්ෂාවට යොදවා තිබුණි. ගම්මන්පිල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී දිවාආහාරය ලබා ගත්තේ ය.