මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

කවදා කොතැන කවුරුන් කළද වරද වරදමය. මේ හෙළි කරන්නේද කවදා කොතැන සිදුවූයේදැයි නොදන්නවා වුවද මහ පොළොව නුහුලන අපරාධයකි.

මතු සඳහන්වන ඡායාරූප වනසතුන් දඩයම් කරමින් ඒවා අළෙවි කරනා සහ භුක්ති විඳිනා පිරිසකගේය. මුවන්, ගෝනුන්, ඉත්තෑවුන්, හාවුන්, උගුඩුවන්, මීමින්නන් ඇතුළු වන සතුන් සිය ගණනක් මරා මස්කර බුදින මොවුන්ගෙන් අයෙකු හෝ දන්නේනම් අදාල බලධාරීන් වෙත වදහා දන්වන්න.

එම ඡායාරූපවල සිටින මෙම අපරාධයේ මූලිකයකු බව හැඟෙන තැනැත්තා පිළබඳ හෝඩුවාවක් ලැබී තිබෙනවා.

ඔහු Saad Sharaff නමින් තම Facebook ගිණුම පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ එම ගිණුමෙහිම අප විසින් ඵල කරන ලද ඡායාරූප මෙන්ම ගිණි අවි සහ උණ්ඩ සහිත මෙම ඡායාරූපද ඵලකොට තිබේ.

එම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ අයෙක් බව Facebook ගිණුමේ සඳහන්කොට තිබේ.