D.V උපුල්ට ඇප

හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ ඉඩම් ආරවුලකට අදාළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) පෙරවරුවේ දකුණු පළාත් සභා ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව, ඔහු අම්බලංතොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.

පසුගියදා බදගිරිය ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් අද දිනයේ අදාළ ඉඩමට පැමිණි අවස්ථාවේදී පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 15 වනදා අමාත්‍යවරයා ඇතුලු පිරිසක් තමාට පහරදුන් බව පවසමින් පුද්ගලයකු හම්බන්තොට පොලිසියට කල පැමිණිල්ලකට අනුවයි මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කෙරුනේ.

සිද්ධියට අදාළව දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුලු දෙදෙනෙකු පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනු අතර පසුව ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවා.

22 වනදා තවත් සැකකරුවකු ද අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහු ද ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධියට අදාළ නඩු විභාගය ඔක්තෝබර් මස 5 වනදා යළි කැඳවීමට නියමිතයි.