පාර්ලිමේන්තුවේ හබන් කිකිළිය හිරුණිකා

ඇටෝනි බලපත්‍රයක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදීල පොලිසියේ ක්‍රියාකලාපය සැකසහිත බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර දිසානායක මහතා මෙසේ පවසා සිටියා.

2002 වසරේ සිට 2014 දක්වා දේශපාලනඥයින් 74 දෙනෙක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ පැමිණිලි අතර, සභානායක අමාත්‍යලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, රෙජිනෝල්ඩ් කුරේ යන අය චෝදනා ලැබලා ලිපිගොණු අතර සිටිනවා.

මේ ලිපිගොණු අද පුස්කනවා. කතාවක් තියෙනවා ඌරන් කැකුන තලනවිට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා. මේ කුකුල්ලු ගොඩට තවත් එක් කිකිළියක් එකතුවෙලා තියෙනවා. ඌරන් කැකුන තලනකොට හබන් කිකිළියක් කෙකර ගාන සද්දේ පහුගිය දවස්වල අපිට පාර්ලිමේන්තුවෙන් අහන්න ලැබුණා.

අර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වල්ගා තරුවක් පායනවා වගේ කාලෙකට පස්සේ පායලා පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් උදය ගම්මන්පිල මැතිතුමාට අභූත චෝදනා නඟපු ආකාරය ඉතාම පිළිකුල් සහගතයි, ලැජ්ජා සහගතයි.

ඉතාම කරුණාබරිතව හිරුණිකා මන්ත්‍රීතුමියට කියන්නේ ඇඳුම් ගලවන්න එපා වීදුරු ගෙවල්වල ඉඳන්. ඔබතුමියගේ පුරුද්ද ඒක ලැජ්ජාසහගතයි. බලන් ඉන්න හැමෝටම ඒක අප්‍රියසහගතයි.
මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්....