මහින්දට කේතු අපල

මේ දිනවල වැඩි වශයෙන් විදෙස් සංචාරවලට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා යොමුව තිබෙන්නේ ඔහුට ජ්‍යොතිෂ්‍යය අනුව බලපා ඇති කේතු අන්තර් දසාවක අපල වලින් මිදී සිටීමේ උපක‍්‍රමික උවමනාවට බව
වාර්තා වෙනවා.

ජ්‍යොතිෂය තවමත් තදින්ම විශ්වාස කරන මහින්දට මේ ගැන ජ්‍යොතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම උපදෙස් සපයා ඇති බවද වාර්තා වුණා.

එම කේතු අන්තර්දසාව නිසා මහින්දට තමන්ගේ බලය හරිහැටි මුදුන් පමුණුවාගන්නට හැකියාව නොලැබෙන නමුත් ලබන 2017 ජනවාරියේ සිට සිකුරු අන්තර් දසාව උදාවන නිසා සියලූ බාධාවන් ඉවත් වන බවත් ජ්‍යොතිෂ්‍යවේදීන් පෙන්වාදී ඇත.

මෙම ජ්‍යොතිෂ්‍ය බලපෑම් ගැන මහින්දගේ පලපුරුදු ජෝ‍යාතිෂ්‍යවේදියෙකු වන නීතිඥ මාපලගම විමලරත්න මහතා බද්දේගම අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විස්තර කර තිබුනේ පසුගිය සතියේය.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ජෝතිෂ්‍යයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යහපත් කාලයක් උදා වන බවත් ජ්‍යෙතීර් විද්‍යාව අනුව මහින්ද රාජපක්ෂ මහතාට බලපා ඇති කේතු අන්තර් දශාව 2017 ජනවාරි අවසන් වන බවත් එම කේතු අන්තර් දශාව අවසන් වී සිකුරු අන්තර් දශාව ලැබීමෙන් පසු විශේෂ යමක් බලාගන්න පුළුවන් වනු ඇති බවත් මාපලගම විමලරත්න මහතා පවසා ඇත.

මින් ඉහත පසුගිය ජනපතිවරණ සමයේ සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් මහින්ද රාජපක්ෂ ජනපති වන බවට දිවුරා ප‍්‍රකාශයක් ලබාදී තිබුණ විමලරත්න මහතාසිය අනාවැකිය වැරදී මෛත‍්‍රීපාල මහතා ජයග‍්‍රහණය කළහොත් රූපවාහිනි නාළිකාවක් තුළදී ගිනිතබා ගන්නා බවට ද අභියෝගයක් එල්ල කළ අයෙකි.