
ඉකුත් 18 දින සිට ඊයේ (20) පෙරවරුව වනතෙක් උදෑසනට බත් සමග සම්බෝල දිවා කාලයට හා රාත්‍රී කාලයට බන්ධනාගාරයේ කෑම වට්ටෝරු අනුව සැකසූ බත් සහ ව්‍යංජන අනුභව කළ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සලකා බලා ඔහුට නිවසින් ආහාරපාන රැගෙන ඒමට අවසර ලබා දුන් බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් දී පැවසීය.
නිදාගැනීමට පැදුරක් ද මන්ත්‍රීවරයාට ලබා දී ඇති අතර මේ වනවිට මන්ත්‍රීවරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂිතව සිටින බව ද බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය.