එංගලන්තය ජය ගනී Video

ජේසන් රෝයිගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර හතළිස් දෙකකට සීමා වූ අතර තරගයේ ජය තිරණය වූයේද ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායයට අනුවයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 305 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 77 යි. නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 67 ක් රැස් කළා.

මෙම එක්දින තරගාවලියේ පිට පිටම 3 වැනි අර්ධ ශතකය වාර්තා කළ චන්දිමාල් මෙම තරගයේදී ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකාව ලබාදුන් ඉලක්කයට අනුව ලකුණු 309 ක් රැස් කරමින් එංගලන්තය ජය වාර්තා කළා.