ලංකාවේ පිරිමි ගණිකාවන්..!

male prostitution in sri lanka
මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුන්ගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු ප්‍ර‍කාශ කරති.

මේ වනවිට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු පවසති.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර ඔවුනගේ සේවය ලබාගන්නා පිරිස අතර ඉහළ පැළැන්තියේ කාන්තාවන් ද වන බව අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ.

මෙම ලිංගික පරිවර්තනයට පත් පිරිමින් කොණ්‌ඩම් භාවිතය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔවුන් හා ඔවුනගේ ගැනුම්කරුවන් එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වීමේ අවදානම තවත් ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

(දිවයින)