රිතූ ආකර්ෂාට වාහනවලින් අපල

rithu
රිතූ ආකර්ෂාට වාහනවලින් අපලයි. පසුගිය දිනයක මහ රෑ ජාමේ පාර්ලිමේන්තුව අසලදී තමන්ගෙ වාහනය හප්ප ගත්තා. යන්තම් ඒකෙන් ඇයට බරපතළ හානියක් වුණේ නැහැ. 

මේ ඊයේ පෙරේදා දිනයක රිතූ තවත් අනතුරක් කරගත්තා. ඒක වුණේ දැනට අප පාවිච්චි කරන සැහැල්ලු බයිසිකලයක් හින්දා. 

රිතූ මේ දිනවල ‘සසර සේයා’ ටෙලි නාට්‍යයේ රඟපානවා. ඒක ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක්. හපුතලේ පැත්තෙ තමයි ෂූටිං තියෙන්නෙ. රිතූට තියනවලු බයිසිකලයක් පැදගෙන යන දර්ශනයක්. 

සාමාන්‍යයෙන් ඇයට හොඳට බයිසිකල් පදින්න පුළුවන්ලු. නමුත් හපුතලේ පැත්තෙ කඳුනෙ. ඇය මෙහෙම බයිසිකලයේ නැඟලා එනකොට පල්ලමක් තිබිලා. බ්‍රේක් ඇල්ලුවට වැදිලත් නැහැ. අන්තිමේ රිතූගෙ බයිසිකලය ප්ලේන් එකක් වගේ ඉගිලුණ බව ඇසින් දුටු අය කියනවා. ඔළුවත් ගලක වද්දගෙන රිතූව බිම වැටිලා. එදින ෂූටිං කැන්සල්. හපුත‍ලේ කන්ද දැකලා බඩ දනවා කියලා තමයි අපි අහලා තියෙන්නෙ. බඩ දැවිල්ල කෙසේ වෙතත් හපුතලේ ගිහින් කන්ද බැහැලා රිතූගෙ නම් ඔළුව තමයි රිදිලා තියෙන්නෙ.