පොසොන්දා පස්ස මිරිකලා මාට්ටු!

පොසොන් සිරි නැරඹීමට යමින් සිටි තරුණියන් දෙදෙනකුගේ පිටුපස පෙදෙස අල්ලා අතවර කළ බව කියන නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක සිසුන් සිවුදෙනකු ඉකුත්දා (19) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

සැකකාර සිසුන් සිවු දෙනා යතුරුපැදි දෙකක නැඟී පන්නිපිටියේ සිට පිළියන්දලට පැමිණ වෑවල ප්‍රදේශයේ රැඳී සිටියදී මවුපිය සහෝදර සහෝදරියන් සමඟ පොසොන් සිරි නැරඹීම සඳහා යමින් සිටි තරුණියන් දෙදෙනකු අසීරුවට පත්වන සේ හැසිරී යතුරුපැදිවලින් පලා යමින් සිටියදී මෙම සිද්ධිය දුටු තවත් තරුණයන් පිරිසක් ඔවුන් පසු හඹාගොස් පිළියන්දල - මොරටුව පාරේදී අල්ලා ගෙන පොලිසිය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් සිවුදෙනාගේ මවුපියන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතා හමුවී තම දරුවන් කළ වරදට සමාව දී නිදහස් කරන ලෙස ආයාචනා කළද මෙවැනි උතුම් දිනයක සිදුකළ පහත් ක්‍රියාවට තමන්ගෙන් සමාවක් නැතැයි පැවැසූ ස්ථානාධිපතිවරයා එවැනි දේකට සමාව දුන්නොත් තමාට මුළුමහත් සමාජයෙන් සමාවක් ලැබෙන්නේ නැතැයි පැවැසීය.

සැකකාර සිසුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පවත්වයි