මහින්දගේ සියලු හමුදා ආරක්ෂාව ඉවතට

mahinda
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු සහ සමීප ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු යුද හමුදා නිලධාරීන් පස්දෙනකු එම ආරක්ෂක කටයුතුවලින් ඊයේ (23) ඉවත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි සියලු යුද හමුදා නිලධාරීන් මේ වන විට ඉවත් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරීන් අවස්ථා කිහිපයකදී ඉවත් කළ අතර මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් පස්දෙනකු හිටපු ජනාධිපති ජපන් සංචාරය නිමවන තෙක් ලබාදීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කර තිබුණි.