හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ

රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය. නෝමන් පලිහවඩන

ගාලුමුවදොර කසාවතින් වැසේ


අද (07) දින ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා විසින් පාගමනකින් ගාලු මුවදොර අරගල භුමියට වැඩමකළහ.

දින විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා


මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.

ශිරන්ති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයයි


අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මාවනැල්ල අලුත්නුවර සුප්‍රසිද්ධ දැඩි මුණ්ඩ දේවාලයේ භාරයක් සිදු කරන්නට පසුගිය 30 වනදා පැමිණි බවට සමාජ මාධ්‍ය ආරංචි වාරතා කරයි. ඇය දේවාලයට පැමිණි අවස්ථාවේ එහි සිටි අයෙකු ලබාගත් ඡායාරූපද සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව ඇත. ඇයගේ පැමිණීම අවස්ථාවේ ටික දෙනෙකු පමණක් ආරක්ෂකයින් ලෙස පැමිණි බවත් වාර්තා විය. මේ අතර ඇය ආසන්න කාලයේ දළදා මාළිගාවටද ගමන් කළ බවට වාර්තා පළව ඇත.

ජනපති ආරක්ෂාව තර කෙරේ


ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත.

මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල යටතේ වන ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.