පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සියලු ගුවන් තොටුපළවල්වල ප්‍රභූ (VIP) පර්යන්ත සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දැමීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
හෙට (06 ) දින පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාල් ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසකට අධික සංඛ්‍යාවක් සහාය පළ කිරීමට සුදානම්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසනවා.
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන, බැංකු මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත පිරිස් ද එක්වන බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.
ඒ ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි .
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතත් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැන්වුවහොත් ඊට පිටු පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (03 දා) පැවසීය.
දිවයින කළ ප්‍රශ්න කිරීමට අගමැතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
ප්‍රශ්නය – ඔබ අද ඉල්ලා අස්වූ පසු නව අගමැතිවරයා කවුද?
පිළිතුර – කවුද ඔබට මා ඉල්ලා අස්වෙන බව පැවුසවේ?
ප්‍රශ්නය – අද රටේ හැමෝම මේ ගැන කතා බහ කරනවා.