සුරාජ් මාපාගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් පෙරේදා උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ මෑණියන්ගේ අවසන් කටයුතු අද (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා.

මේ අතර සුරාජ් මාපාද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබෙනවා. “හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා” කියලයි ඒ වීඩියෝ එකේ දැක්වුණේ.

කෙසේවෙතත් අපි සුරාජ් සිය ආදරණීය මෑණියන් වෙනුවෙන් නිර්මාණය කරපු වීඩියෝව පළ කරන්න හිතුවා. මේ තියෙන්නේ එම වීඩියෝවයි.

ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගනී (ඡායා)

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩ් පුරවරයේද දිලෙන තරුවක් වන ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගෙන තිබේ.ඇගේ අනාගත මනාලයා වන්නේ ඇමෙරිකානු නළුවෙකු හා ගායකයෙකු වන නික් ජෝනාස් ය.

ඉන්දියානු සාම්ප්‍රදායන්ට අනුව එරට සිදුකෙරුණු සිය විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූප කිහිපයක් ප්‍රියංකා හා නික් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඔස්සේ පළ කර කර තිබුණේ මෙසේය.

කොෆී අනන් සමුගනියි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (18දා) ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.

විදේශිකයන්ට නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම්

පුරවැසීහාවය නොලැබූ විදේශීකයන්ට, නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත පෙරේදා (15) නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විදේශීය ආයෝජකයන් පැමිණ, නවසීලන්ත වැසියන්ගේ නිවාස සහ ඉඩම් මිලදී ගැනීමත්, නිවාස නොමැතිව නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු අර්බුදවලට මුහුණදීමත් සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය නව පනත් කෙටුම්පතක පාලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එම අවස්ථාවේදී 63 දෙනෙක් ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප්‍රකාශ කළහ.

35ට අඩුනම් ත්‍රිරෝද රථ පදවන්න බැහැ

අපේ රටේ ප්‍රවාහන සේවාවන් අතර වඩාත්ම අර්බුදයට ලක්වන ප්‍රවාහන සේවය ලෙස ත්‍රිරෝද රථ පෙරට පැමිණ තිබේ. මාධ්‍ය හරහාද ත්‍රිරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් පැන නගින අර්බුද පිළිබඳව නිතරම පාහේ කතාබහ කළද අදටත් ඊට නිශ්චිත විසඳුමක් ලැබි නොමැත. ත්‍රිරෝද රථ කර්මාන්තය හා ත්‍රිරෝද රථ රියැදුරන් මේ වන විට මුහුණපාමින් සිටින අලුත්ම ගැටලුව වන්නේ ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ අවම වයස් සීමාව වයස අවු. 35 විය යුතු බවට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිමය.

අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ අතල් බිහාරි වජ්පායි මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යනවිට 93 වැනි වියෙහි පසුවූ හිටපු අගමැතිවරයාගේ මරණය වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

T20 තරගයේ ජය ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති එකම විස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මම ජනපතිවරණයට එන්නේ නෑ

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායටම් හිටපු නායක කුමාර සංගක්කාර ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බව සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ප්‍රකාශකර ඇත.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට නොඑන බවයි.
පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති ධූරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්‍ෂකයා වන බවට මාධ්‍ය මගින් රට පුරා ප්‍රචාරය විය
 
 
 

ඥානසාර හිමිට ජනපති සමාවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවමක් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉන් නිදහස් කර ගැනීමට සාර්ථකම පියවර වන්නේ ජනපති සමාවක් ලබාගැනීම බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (13දා) උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මහ නාහිමියෝ මෙම අදහස් ප්‍රකාශ කළහ.

රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 80 කි.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා යන නාමය හෙළ සිනමා ඉතිහාසය තුළ රන් අකුරින් සනිටුහන්ව තිබේ.