ඥානසාර හිමිට ජනපති සමාවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවමක් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉන් නිදහස් කර ගැනීමට සාර්ථකම පියවර වන්නේ ජනපති සමාවක් ලබාගැනීම බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (13දා) උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මහ නාහිමියෝ මෙම අදහස් ප්‍රකාශ කළහ.


“මේ පිළිබඳව යම් සනයක් ලබා ගැනීමට නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. ඉක්මනින්ම සංඝ සභාව රැස්වෙලා සංඝ සභාවේ තීරණය ප්‍රකාශයට පත්කරනවා.

අපි නීතිමය ප්‍රශ්ණයකට මුහුණදී තිබෙන්නේ. සියලුම මහා සංඝරතරනය මේ වෙනුවෙන් මැදිහත්ව ක්‍රියාත්මක වෙනු ඇති. ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේ කටයුතු කරන්නේ පෞද්ගලික අභිමතාර්ත සඳහා නොවෙයි. පොදුවේ ශාසනය පිළිබඳවත්, රට පිළිබඳවත්, සංඝයා පිළිබඳවත් කල්පනා කරලයි යම් යම් ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ. ඒක අපි හොඳට දන්නවා.

ජනාධිපතිතුමාගේ සමාවක් තමයි වඩාත් සාර්ථකම පියවර. ඒක අපි කරුණු පැහැදිලි කරලා ඉදිරිපත් කළා. මම හිතනවා එවැනි සහනයක් ලබාගන්න පුළුවන් වේවි කියලා.” යැයි පැවසූහ.