ලක් සතොසින් සහල්, පරිප්පු මිල අද සිට පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 78 ක මිලකටත් නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 74 ක මිලකටත් අලෙවි කෙරෙනු ඇති.

පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 148 ක් දක්වා අඩු කර ඇති අතර ලංකා සතොස සියලු අලෙවි සැල් හරහා නව මිල යටතේ මෙම ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යංශය පැවසීය.