මහින්දට මින්පසු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නෑ

ඉදිරියේදී පැවැත්වෙන කිසිම මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාම යෝජනා නොදීමට තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට හා 1972 ජනරජ ව්‍යවස්‌ථාව නිර්මාණය කර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බවට නායකත්වය දුන් දිවංගත එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නියෝජනය කළ හා බිහිකළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂය මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම පැවැසීය.

සේවා වියුක්‌තිය ඉහළ යයි

නිෂ්පාදන ක්‍රියාවලියේ මූලිකම සාධකය වන්නේ ශ්‍රමයයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී ශ්‍රමයට ඉල්ලුමක්‌ ඇති වන අතර ශ්‍රමිකයා විසින් ශ්‍රමය සපයනු ඇත. සෑම රටකම ඉලක්‌කය වන්නේ රට පූර්ණ සේවා නියුක්‌ති මට්‌ටමට ළඟාකර ගැනීමය. රටෙහි ශ්‍රම බළකායට රැකියා උත්පාදනය නොවේ නම් එරට ආර්ථික ගැටලු රාශිsයකට මුහුණ දෙනු ඇත.

2016 වාර්ෂික වාර්තාව අනුව රටෙහි ශ්‍රම බළකාය 8,311,000 කි. එයින් රැකියාවල යෙදී ඇති ප්‍රමාණය 7,948,000 කි. එහෙත්, 2015 මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ශ්‍රම බළකාය 8,973,000 කි. එයින් රැකියාවල නියුතු ප්‍රමාණය 8,554,000 කි.

ශ්‍රී ලංකාව පරාජය කරමින් පකිස්ථානය ජය ලබයි

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද පැවති තරඟයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට පාකිස්ථානය සමත් වූවා.
එම ජයත් සමඟ පාකිස්ථානය මෙවර ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රස්කරගත්තේ ලකුණු 236 ක් පමණයි.

යෝෂිත රාජපක්ෂගේ උපන් දින සැමරුම (photos)

රුපියලේ වටිනාකම තවත් පහළට

ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 ජූනි මස 05 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, සියයට 1.8 ක මධ්‍යස්ථ අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 8.1 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 6.2 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 6.7 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.6 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 4.6 කින් ද සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 6.8 කින් ද අවප්‍රමාණය වී තිබේ.

සුනාමි අනාවැකියකින් කතරගම පුදබිම හිස් !

ඊයේ (08) සහ අද (09) ශ්‍රී ලංකාවට බරපතල ස්වභාවික ආපදාවකට මුහුණ දෙන්නට සිදුවන බවට එක්තරා ජ්‍යොතිවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයකු විද්‍යුත් මාධ්‍යක් මගින් කොට ඇති ප්‍රකාශයක් මුල්කොට ඊයේ (08) සහ අද දවස පුරා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල බලවත් සුනාමි භීතියක් පැතිර යන බව අපගේ ප්‍රදේශීය මාධ්‍යවේදීහු වාර්තා කරති.

එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ 2004 වසරේ ශ්‍රී ලංකා‍වට අත්වූ සුනාමි උවදුරෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශය පුරා මෙම ව්‍යාජ සුනාමි භීතිය තදින්ම බලපවත්වන බවකි. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ වල පොසොන් දිනය මුල්කොට විහාරස්ථානයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ආගමික පුද පූජා, සංස්කෘතික අංග, දන්සල්, තොරණ ආදී කටයුතු ද බොහොමයක් අවලංගු වී ඇති අතර කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය ඇතුළු බොහෝ මාර්ග වල වාහන ගමනාගමනය සේම ජනගහනයේ ද පැහැදිළි අඩුවක් දක්නට ලැබේ.

කුසල් වෙනුවට ධනංජය කණ්ඩායමට

ඉන්දියාව සමග ඊයේ පැවති එක්දින තරගය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට තරගාවලියේ ඉතිරි තරග සදහා ධනංජයද සිල්වා කණඩායමට එක් වීමට එංගලන්තය බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හා දිල්රුවන් පෙරේරා ද එංගලන්තය බලා පිටත් වීමට නියමිතය.

කුසල් ජනිත් ඊයේ (08) පැවති තරගය අතරතුරදී කළවයේ ආබාධයකට ලක් විමෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ පිළිබද ඔහුව අද (09) දිනයේදී පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අනුර කුමාරගේ පුතුගේ විවාහ දිනය

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක ඊයේ විවාහ දිවියට ඇතුලත්ව තිබේ.
රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත‍්‍රානුකූළව මෙම විවාහය සිදුකර ඒ වෙනුවෙන් වූ සාදය ඉන් පසුව මොරටුව
තොටුපල හෝටලයේදී

පවත්වා ඇත. ජවිපෙ නායක අනුර සිය බිරිද සමග කලාතුරකින් පෙනී සිටි ඡායාරූප පහත පළවේ.ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි.

පදක්කම් විකුණන්න බැරි ලෙස නව නීතියක්

රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද(07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

හෙට පැරදුනොත් ලංකාව ගෙදර

එංගලන්තයේදී පැවත්වෙන ශූරයින්ගේ කුසලානය සදහා ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට දිනයේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි.

සහභාගී වූ මුද්ම තරගයේදී දකුණු අප‍්‍රිකාව හමවේ පරාජය වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් තරගාවලියේ රැුදී සිටීමට නම් හෙට පැවැත්වනෙ තරගය ජන ගැනීම අතිශයහ වැදගත් වනු ඇත.