මහින්දට මින්පසු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නෑ

ඉදිරියේදී පැවැත්වෙන කිසිම මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාම යෝජනා නොදීමට තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට හා 1972 ජනරජ ව්‍යවස්‌ථාව නිර්මාණය කර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බවට නායකත්වය දුන් දිවංගත එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නියෝජනය කළ හා බිහිකළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පක්‍ෂය මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අද දෙකඩ කිරීමට උත්සාහ කරන්නේ රට දෙකඩ කරන බවට රජයට චෝදනා කරන කණ්‌ඩායම බවට චෝදනා කළ මහ ලේකම්වරයා හිටපු ජනාධිපතිවරයා එම කුමන්ත්‍රණකරුවන්ට නායකත්වය ලබාදීම කනගාටුවක්‌ බව ද ඒ මහතා කීය.

ඒ වගේම ශ්‍රිලනිප දෙකඩ කරමින් රටේ ඒකීයභාවය ගැන කවුරුන් හෝ කතා කිරීම දේශපාලන විහිළුවක්‌ බව ද එවැනි අයට නාම යෝජනා භාර දීමට පක්‍ෂය කිසිසේත්ම සූදානම් නැති බව ද මහ ලේකම්වරයා කීය.