නායක උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක් තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංගට මෙවර ශූරයන්ගේ තරඟයේ ඉදිරි තරඟ දෙකක තරඟ තහනම් පැනවීමට තීරණය කර ඇත.

ඊයේ (03දා) දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරඟයේදී අඩු පන්දු වාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් වන අතර මීට අමතරව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරඟ මුදලින් 60% දඩයක්ද පනවා ඇත.

හර්ෂණ - වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලා

කලාකරුවන් කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැපකරන පිරිසක්‌. ඔවුන්ට කරදරයක්‌ වුණාම ඔවුන් ගැන සොයාබලන එක අපේ තියෙන මනුස්‌සකමක්‌. හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කියන්නේ අපි ආදරය කරන තරු දෙකක්‌නේ. දෙදෙනා විවාහ වෙලත් වැඩි දවසක්‌ නෑ. ඒත් දෙදෙනාටම එක පාරටම ඩෙංගු හැදිල කියල ආරංචියක්‌ ආවා. මනුස්‌සකමේ නාමයෙන් අපි ගියා ඔවුන් දෙන්නට කොහොමද කියල බලන්න. බලමු ඒ දෙන්නගේ දැන් තත්ත්වය කොහොමද කියලා.

උමාලිට විශේෂ ආරක්ෂාවක්

ගිණියම් රැයෙ චමත්කාගේ අලුත්ම වැඩේ මෙන්න

චමත්කා ලක්මිණී කිව්වම දැන් ඕන කෙනෙක් දන්නවානේ. ගිණියම් රෑ වීඩියෝවෙන් කරලියට ආපු චමත්කාගේ අලුත්ම වැඩක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

මේ පාණ්ඩු ආණ්ඩුව සමඟ රටට ඉදිරි ගමනක් නෑ

ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශට ශ‍්‍රී ලංකාවේ විගණකාධිපතිවරයකුගේ නරකම වාර්තාව හිමිකර දුන් මේ පාණ්ඩු ආණ්ඩුව සමඟ රටට ඉදිරි ගමනක් නැති බව තහවුරු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පළමු තරගය ලංකාව පරාදයි

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය ජයග්‍රහණයක් ආරම්භ කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වයි. දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 300ක ඉලක්කය හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවා 41.3 අවසානයේදී සියලු දෙනා දැවි රැස්කළ හැකිවූයේ ලකුණු 203ක් පමණි. නායක උපුල් තරංග අර්ධ ශතකයක් රැස්කළේය. ඊට අමතරව කුසල් පෙරේරා හා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු රැස්ක ක්‍රීඩකයෝ වූහ. තරගයේ වීරයා ලෙස කඩලු 4ක් හා එක් දුවද්දී දැවී යාමක් ලබාගත් ඉම්රාන් තාහීර් සම්මාන ලැබීය.

උදාවන සතියේ ඔබේ දෛවය

ජ්‍යෝතීර්වේදී ඇල්බට් සුදසිංහ අභාවප්‍රාප්ත වෙයි

හෝමාගම ප්‍රදේශයේ විසූ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ඇල්බට් සුදසිංහ මහතා 17 වනදා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78 වන වියෙහි පසු විය.

ශ්‍රී ලංකාව තුල සහ ලෝකයේ දේශපාලන පෙරළි මෙන්ම ස්වභාවික විපත් පිලිබඳව අනාවැකි පල කිරීමෙන් ඔහු ප්‍රසිද්ධව සිටි අතර සුනාමි අනතුර මුල්වරට හෙළි කරමින් 2004 වසර අවසානයේ මධ්‍යම ආසියානු මුහුදේ ඇති වන භූමිකම්පාවකින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර හා දකුණු වෙරළ තීරයට ඇදහිය නොහැකි තරම් හානියක් සිදු වන බව මාස දෙකකට පෙර අනාවැකි පළ කළ අයෙකි.දේහය හෝමාගම කටුවාන පාර, සපුමල් පෙදෙස නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු මැයි 20 දා සිදු කිරීමට නියමිතය.

චැම්පියන්ස්‌ කුසලාන ශ්‍රී ලංකා පිල අද පිටත් වෙයි

පරාජයේ සියලු දොaෂ වෙහෙසකර පුහුණු සැසියකින් පසුව මගහරවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම අද (18දා) චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා පිටත්ව යැමට නියමිතය.

'අපි මහනුවරදී දවස්‌ 15 ක විශිෂ්ට පුහුණු සැසියකට සහභාගී වුණා. එතැනදී කණ්‌ඩායම ඉතාමත් විශිෂ්ට මානසිකත්වයකට පැමිණ සිටිනවා. නමුත් අපිට චැම්පියන්ස්‌ තරගාවලියේදී තනි තනි සැලැස්‌මක්‌ තියෙනවා. ඒ සැලැස්‌ම තරග වලදී ක්‍රියාත්මක කරන්න බැරි වුණොතින් වැඩක්‌ නෑ. තරගවලදී සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමයි වැදගත්ම වන්නේ'යි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

රයිනි චාරුකාගේ නිවසට හොරු පැනලා

රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා. නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

සැකකරු විසින් සොරාගත් රයිනිගේ මංගල මුදුව සොයාගෙන ඇති අතර එය අධිකරණ නියෝගමත යළි ඇයට භාරදී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.