මේ අවුරුද්දේ කොහොම හරි බඳිනවා

මොකක්ද මේ ධාතු ලෙඩේ

මුත්‍රා සමඟ ධාතු පිටවෙනවා කියන කතාව තරුණ වියේ බොහෝ දෙනා තුළ ඇතිවන අනියත භීතිකාවක් ඇතිකර ඇති තවත් ලිංගික මිත්‍යාවකි. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙන්නේ මුත්‍රා සමඟ ධාතු පිටවීමක් සිදු නොවන අතර එහෙම රෝගයක් ගැන නවීන වෛද්‍ය විද්‍යාව තුළ කොහේවත් සඳහන්ව නැති බවය. මෙය මුළුමනින්ම මිථ්‍යාවක් වන අතරම බඩ වඩා ගන්නට සිතා බොරු අදහස් පතුරවන පිරිසකගේ තවත් උප්පරවැට්ටියකි.

සියලුම සිසුන් සා. පෙළ අසමත් පාසල් 131 ක්‌

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී කිsසිදු ශිෂ්‍යයකු උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 131 ක්‌ වෙයි.

මේ අතරින් වැඩිම පාසල් ඇත්තේ මහනුවර, ගාල්ල හා කෑගල්ල යන අධ්‍යාපන කලාපවල ය. කිසිදු ශිෂ්‍යයකු උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 6 බැගින් වෙයි. කළුතර හා ත්‍රිකුණාමලය උතුර යන කලාපයන්හි පාසල් 5 බැගින් ද, පිළියන්දල, මිනුවන්ගොඩ, කුරුණෑගල හා දෙහිඕවිට යන කලාපයන්හි පාසල් 4 බැගින් ද වෙයි.

කුණු ගැටළුව විසදීම තරුණයෙක් බාර ගනී

එක් දිනක් තුලදී ට‍්‍රැක්ටර 300ක කසල ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රිකරණය කල හැකි යන්ත‍්‍රයක් ගම්පොල ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් නිර්මාණය කර තිබේ.

විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් ඔහු පවසන්නේ මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය සදහා වැයවන්නේ ලක්‍ෂ 57ක පමණ මුදලක් බවයි.

ඔහු සහතික කර පවසන්නේ මෙම යන්ත‍්‍රය තවත් වැඩි දියුණු කර කොලඹ නගරයේ කසල ගැටළුව මාස තුනක් ඇතුලත සහමුලින්ම අවසන් කල හැකි බවයි.

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි


ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා සලකා බැලෙන සුදුසුකම් තවදුරටත් දැඩි කිරීමට එරට රජය තීරණයකර තිබෙනවා. ඒ අනූව ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් කෙනෙකු අවම වශයෙන් වසර 04ක කාලයක් එරට ස්ථීරව පදිංචිව සිටිය යුතුයි. ඉංග‍්‍රීසි භාෂාවේ ප‍්‍රවීණත්වය මැන බලන පරීක්ෂණයකට ද මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා.

ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ

​පසුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක්වුන ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝ මේවනවිට එළිදක්වලා තියෙනවා. පුරුදු විදියටම මේ මියුසික් වීඩියෝවත් අඩ නිරුව් දර්ශණ ඇතුළත් වෙලා තියනවලු.හැබැයි මේ ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ ඒදේ නිසා නෙමෙයි කියලා මතක් කරන්න ඕනේ. සිරි සඳහම් ආශ්‍රාමාධිපති සමන්තබද්‍ර හිමියන්ද මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වීම නිසයි. ඉරාජ් කියන විදියට රහතන් වහන්සේ නමක් Music Video එකක ඉන්න පළවෙනි වතාව මේකලු.

දෙරණේ චතුරටත් බඩු බනිස්.. පරීක්‍ෂණ ඇරඹේ..

දෙරණ රූපවාහිනියේ ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී ජනමාධ්‍ය ලේකම්වරයාට ඉතා පහත් අන්දමේ විවේචනයක් කර ඇතැයි පැමිණිලි ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට එදින වැඩසටහනේ සංයුක්ත තැටිය නොපමාව ලබා දෙන ලෙසත් දන්වමින් පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ විසින් දෙරණ රූපවාහිනියට ලිපියක් යවා තිබේ.

එම ලිපිය මෙහි දැක්වෙයි.

මෙයා ගැන දන්නව නම් පොලීසියට කියන්න

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

මෙම කාන්තාව විවිධ වෙළෙඳ ආයතනවලින් ජංගම දුරකථන තොග වශයෙන් චෙක්පත් මගින් මිලදී ගෙන එම චෙක්පත් අගරුවීමට ඉඩහැර රුපියල් තිස්දෙලක්ෂ හැටහතරදහස් හත්සීය හතළිහක මුදලක් වංචා කිරීමේ සිදුවීමට මිනුවන්ගොඩ අධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් පවති.

මෝඩි මැයි 11 ලංකාවට

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා ලබන මැයි මස 11 වැනි දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන මස 12 වැනි දින ඇරැඹෙන එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් දින ආරම්භක සැසි වාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය

ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමය ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත නිළ වශයෙන් ලබාදීම එළඹෙන ජුනි මාසයේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීවයි.