ශ‍්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු රංජිත්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ප්‍රනාන්දු මහතා ශාන්ත බෙනඩික් විදුහලේ ආදි සිසුවෙකි.

ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි – CCTV දර්ශන

වේවැල්දෙණියේ හා නයිවල ඉන්ධන පිරවුම්හල් 2 ක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් අද අළුයම කොල්ල කා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හල් දෙකෙන් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති මුදල රුපියල් 65,000 ක්.

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ කොල්ලය සිදුව තිබුණේ අද අළුයම 12.45 ට පමණ. මහනුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉන්ධන පිරවුම්හලට යතුරුපැදියකින් කොල්ලකරුවන් දෙදෙනා පැමිණ සිටියේ යතුරුපැදියකින්. මුහුණු ආවරණය කරගෙන පැමිණි ඔවුන් පිහියක් හා පිස්තෝලයක් පෙන්වා ඉන්ධන පිරවුම්හල කොල්ලකන ආකාරය එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.

ජනපතිට,අගමැතිට මරණ තර්ජන කර රිමාන්ඩ්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට මරණීය තර්ජන එල්ල කළ 26 හැවැරිදි තරුණයෙකු එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන දිනුෂ චමිර නමැති එම සැකකරු මුහුණු පොතේ ගිණුමක්‌ අයිතිව සිටි අයකු බවත් ඔහු විසින් අන්තර්ජාලයට හඬපටයක්‌ නිකුත් කර ඇති බවත් සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම හඬපටය පරීක්‌ෂා කිරීමේදී ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්‌ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කළ හඬ පටිගත වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශෝක හඳගම කියන කථාව


මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.

SEX සොයා ලංකාවට ආයෙත් ලෝකෙම මුල්තැන

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි.

ක්‍රිකට් ක්‍රීඩාවටත් රතු කාඩ්පත් එයි

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත්කිරීමට අදාළව පිටියේ විනිසුරුට අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරෙකුට 25,000ක් දඩ ගහලා

රියැදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින් මහනුවර නගරයේ රිය පැදවූ පුද්ගලයකුට රුපියල් විසිපන්දහසක දඩ මුදලක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් පෙරේදා (06) නියම කරනු ලැබීය.

ටී. ජී. ඩී. සමරක්කොඩි නැමැති අරුප්පල දෙ‍ෙවනි පටුමග ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙලෙස දඩ මුදල් හා සිරදඬුවම් නියම විය. මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසලින් බීමතින් රිය ධාවනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.

සෝභිත හිමිගේ මරණය සැක කටයුතු නෑ

කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැකකටයුතු මරණයක් නොවන බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති හෙයින් එම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (07) තීරණය කළේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විද්වත් වෛද්‍ය කමිටුවේ සම්පාදිත වාර්තාව ප්‍රකාරව නඩු කටයුතු අවසන් කරන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගත්තේය.

පළාත් පාලන ඡන්දය කොට්ඨාස ක්‍රමයට

පළාත් පාලන මැතිවරණය ඉතාමත් නුදුරේදීම කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ පවත්වන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධානීන් එක්ව ඒකමතිකව තීරණය කළ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබි ඇති බවද ඒ මහතා පවසයි.

මෙම ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම පිළිබඳව ඇතමුන් විරෝධය පළ කරන බවත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ අප තෙවන ස්ථානයට පත්ව පරාජය ලැබුවමුන් අනිවාර්යයෙන්ම කොට්ඨාස ඡන්ද ක්‍රමය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් භාවිත කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ වෙනසක්‌

දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් වෙද්දී පළමු වරට නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනූව සිම්බාබ්වේ ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන් කණ්‌ඩායමට ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ ලොකු වෙනසක්‌ සිදුකර තිබේ. ආබාධයක්‌ හේතුවෙන් මාස කිහිපයක්‌ විවේකව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකානු සංචාරයට එක්‌කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින වේගවත්ම පන්දු යවන්නාද වේ.