ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි – CCTV දර්ශන

වේවැල්දෙණියේ හා නයිවල ඉන්ධන පිරවුම්හල් 2 ක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් අද අළුයම කොල්ල කා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හල් දෙකෙන් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති මුදල රුපියල් 65,000 ක්.

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ කොල්ලය සිදුව තිබුණේ අද අළුයම 12.45 ට පමණ. මහනුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉන්ධන පිරවුම්හලට යතුරුපැදියකින් කොල්ලකරුවන් දෙදෙනා පැමිණ සිටියේ යතුරුපැදියකින්. මුහුණු ආවරණය කරගෙන පැමිණි ඔවුන් පිහියක් හා පිස්තෝලයක් පෙන්වා ඉන්ධන පිරවුම්හල කොල්ලකන ආකාරය එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.

සේවකයන් බියගන්වා ඔවුන් පැහැරගෙන ගොස් ඇති මුදල රුපියල් 15,000 ක්.

මේ අතර වේයන්ගොඩ නයිවල ඉන්ධන පිරවුම්හලට ද අද අළුයම 2 ට පැමිණි කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ රුපියල් 50,000 ක මුදලක් පැහැරගෙන ගොස් තිබුණා.