ඖෂධ 47ක මිල පහත දමයි

ඖෂධ ( Medicine )47ක මිල ගණන් අඩු කිරීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යට‍තේ අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් විසින් භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 47ක මිල ගණන් ඉදිරියේදී අඩු වනු ඇති.

ඇන්ජලෝ මැතිව්ස් ඉන්නකන් මට තැනක් ලැබෙන්නේ නැ

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. මෙම තීරණය ඔහු අද (23දා) කොලඹ මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එක්දින තරගවලින් සමුගැනීමට දිල්හාර අදහස් කර ඇත්තේ දිගින් දිගටම තමාව කණ්ඩායමට තෝරා නොගත් නිසා බවත්, කණ්ඩායම් නායකයා (ඇන්ජලෝ මැතිව්ස්) තමාට අවස්ථාව ලබාදීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත් ඔහු එහිදී හෙළි කළේය.

කොටි යුරෝපා තහනම ඉවත් කරන්න ඉල්ලීමක්

යුරෝපා සංගමය විසින් තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කර ඇති එල් ටී ටී ඊත‍්‍රස්ත සංවිධානය සහ පලස්තීන හමාස් සංවිධානය ඉවත් කළ යුතු යැයිමතයක් පළවී ඇති බව විදෙස් පුවත් වාර්ථා සඳහන් කරයි.

ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා එම සංවිධාන සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරවඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත්ව නැති බවට යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු ප්‍රකාශ කර ඇත.

හිසකෙස් සුදුවීම වලක්වාගැනීමට දේශීය වෙදකම්

සාමාන්‍ය පෙළ දෙසැම්බර් 06දා සිට

මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නව නිර්දේශය යටතේ අයැදුම්කරුවන් තුන්ලක්ෂ තිස්හතර දහස් හත්සිය අසූ එකක් සහ පැරණි නිර්දේශය යටතේ තුන්ලක්ෂ අසූ එක් දහස් එකසිය අසූ හතරක් මෙවර සාමාන්‍ය පෙළ සඳහා අයැදුම්කර ඇති බවද ඔහු සඳහන් කළේය.

චතුර සහ ‍පොලිසිය අතර නඩුව සමථයට

රාජකාරියේ යෙදී සිටි රාගම ‍පොලිසියේ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ එකඟතාව මත නඩුව සමථයකට පත් කරන බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පැවසීය.

රාගම රථ ගා‍ලේ අයිතිය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයකදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රාගම ‍පොලිසියේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි රාගම ‍පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් මගින් පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

පෙම්වතියට 28 පාරක් පිහියෙන් ඇන්න නරුමයා



ආදරය ලැබුණු තැනදී මල් යහනාවක් වගේ වුනත් නොලැබුණොත් කෙලවර වෙන්නේ ලේ ගංගාවකින්. මේත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්න ඉන්දියාවේ දිල්ලි නගරයේ. තරුණයෙක් තමන්ගේ හිත ගත්ත පෙම්වතියගෙන් ආදරේ ඉල්ලගෙන ඇයගේ පස්සේ යන්න පුරුදුවෙලා හිටියා. ඒත් මේ තරුණිය නම් වැඩේට එච්චර කැමැත්තක් දක්වලා තිබුණේ නෑ.

මහින්දානන්ද යළි රිමාන්ඩ්

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඔහුව ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කර ඇත්තේ.

හැදුනුම්පත් කාර්යාලය 27දා සිට බත්තරමුල්ලට

මහජනතාවට වඩාත් කාර්ෂක්ෂම හා ඵලදායි සේවාවක් සැලසීම උදෙසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27 වනදා සිට බත්තරමුල්ල පිහිටි "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් සැප්තැම්බර් 23 හා 26 දිනවලදී හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.27 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් "සුහුරුපාය" නව පරිශ්‍රයේදී ක්‍රියාත්මක වේ.

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.අද උදෑසන කොළඹ 7 නිදහස් මාවතට ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෝටර් රථය පැදවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අධික වේගයෙන් පදවාගෙන ආ මෝටර් රථය ගහක හැපී තිබෙන අතර සිද්ධියෙන් ඔහුට අනතුරක් සිදුව නැත. නමුත් අනාරක්ෂිත ලෙස රිය පැදවූ ඔහුව පරීක්ෂා කිරීමේදී බීමත්ව රිය පැදවූ බවට හෙළිව ඇත.