කාන්තාවන් රවටා ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක්

ගෘහ සේවිකාවන් විදේශ රටවලට යවන බව පවසමින් කාන්තාවන් රවටා ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වි තිබෙනවා.

මේ හෙළිදරව්ව කළේ අනුරාධපුර ගඟසිරිපුර ප‍්‍රදේශයේ කාන්තාවක්.විදේශගත කරවන බව පවසා නිවාස 2 ක රඳවාගෙන සිටි තමා ඉන් පලා ආ බවත් එම කාන්තාව ප‍්‍රකාශ කළා.

ජනාධිපති බලගතු තීරණයක්‌ ගනී

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා වන ව්‍යවස්‌ථාදායක අනුකමිටුවේ නිර්දේශ පිළිනොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. මේ බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක්‌ සමඟ 22 වැනිදා පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වුවද ව්‍යවස්‌ථාදායක අනුකමිටුව මගින් එය එක්‌සත් රාජ්‍යයක්‌ ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එමගින් රට විනාශකාරී තැනකට තල්ලු විය හැකි බවත් ගෝලීය සංසදය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පොලිස් පුවත් පුද්ගලික මාධ්‍යට වැසේ

පසුගියදා රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර සමග ඇමති සාගල රත්නායක ප‍්‍රසිද්ධ සභාවක ඇමතුමක් ලබාගනිමින් ‘නිලමේ අත්අඩංගුවට නොගැනීමේ කාරණාව’ ගැන ඇතිවූ කතාවෙන් පසු පොලිස් පුවත් පුද්ගලික මාධ්‍ය වෙත සැපයීම පසුගිය සතියේ සිට නතර කර ඇතැයි වාර්තාවේ.

එකී සිද්ධිය පුද්ගලික මාධ්‍ය වලින් මතුකර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව තුළද කථාබහක් ඇතිවුණ අතර අවසානයේ හේතු දක්වා පිළිතුරු බඳින්නට සිදුවිය.

පාන් පිටි කෑම 15 ගුණයකින් ඉහළට

හාල් මිල වැඩිවීම හා පාන් පිටි මිල අඩුවීම නිසා මෙරට පාන් පිටි පරිභෝජනය 15 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුබිම ලංකා පදනමේ සාමාජිකයෝ පවසති. මේ නිසා දියවැඩියාව වැනි ලෙඩ රෝග රැසක් අපේ රටේ ජනතාවට වැලඳීමේ අවදානමක් ඇති බව ද පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි.

නත්තල් සුබ පැතුම්

සහජීවනයේ පණිවිඩය ලොවට ම පෙන්වමු
- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

අවිචාරය, සැහැසිබව හා ක්‍රෑරත්වය පිරි සමාජයකට ජේසු සමිඳාණන් ගේ උපත මඟින් සහජීවනයේ හා සමාජ සුබසාධන පණිවුඩය ලොවට දායාද වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියයි.

සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපලන්නේ මහා දයාවේ ළබැඳි රිද්මය බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.