අන්තර්ජාතික ගුවන් සමාගම් මත්තල ගුවන් තොට භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක් විඳින්නට සිදු වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. ධාවන පථයේ නඩත්තු වෙනුවෙන් කටුනායක ගුවන් තොට දිනකට පැය 8ක් වසා තැබෙන කාලයේ මත්තල ගුවන්තොට භාවිතයට ගන්නට සැලසුම් කර තිබුණ ද අන්තර්ජාතික ගුවන් සේවා තම ගුවන් යානා මත්තලට ගොඩබැස්වීමට අකැමැත්ත පළ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේ දැවැන්ත පාඩුව විඳින්නට සිදු ව ඇත.
කටුනායක වසා තැබෙන මාස තුනක කාලය ඇතුළත ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් ශ්‍රී ලංකන් ආයතනයට අහිමි වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.




