ICC ය වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නම් කරයි

අයි.සී.සී. වාර්ෂික (2015/16) ක්‍රිකට්‌ සම්මාන උළෙලේ වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා මෙන්ම වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්මානය ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින්ට හිමි වෙද්දී ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දු යවන්නා වන රංගන හේරත් ලෝක ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නම් කෙරුණි.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මගින් වාර්ෂිකව පිරිනමන ලද අදාළ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධානම සම්මාන දෙකක්‌ ඉන්දියානු ක්‍රීඩකයකුට හිමි වූ තෙවැනි අවස්‌ථාවද මෙය වේ. අශ්වින්ට පෙර අදාළ සම්මාන ද්විත්වය ලබා ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබේ.

විජිත් රෝහණගේ අනාවැකියට අභියෝගක් Video

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2017 ජනවාරි 26 වනදාට පෙර මාරක අපලයක් ඇති බවට ජ්‍යෙතිර්වේදී විජේමුනි මහතා විසින් කරන ලද අනාවැකිය ජ්‍යෙතිර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා විසින් අබියෝගයට ලක් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත‍්‍රිට එම කාල සීමාවේදී කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවන බවත් එසේ සිදු වුවහොත් තමන් ජ්‍යෙතිශ්‍ය අත්හරින බවත්ය.

ආනයනික සීනි බද්ද සියයට හයකින් ඉහළට

ආනයනය කෙරෙන සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මිල 6කින් ඉහළ නංවා තිබේ.පෙරේදා (20) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු මිල ඉහළ දමා ඇත.

ඒ අනුව මීට පෙර 7ක් ලෙස පැවැති ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 13ක් දක්වා ඉහළ යනු ඇත.විදේශ වෙළෙඳ‍පොළේ සීනි මිල පහළ යාම මෙම තීරණයට හේතුව බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒකීය රාජ්‍යය පිළිගන්නේ නෑ

ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත.ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්‌ථාවේදීද ද්‍රවිඩ සන්ධානයේ මෙම ස්‌ථාවරය ගැන ප්‍රකාශ කර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ‍ලේකම්ගේ ලක්ෂ 1780ක දේපළ ඕස්ට්‍රේලියාවේ

පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යාංශයක ලේකම්වරයෙක් සතුව ඕස්ට්‍රේලියාවේ රුපියල් ලක්ෂ 1780කට අධික විනාකමක් ඇති දේපළ රැසක් ඇතැයි හෙළිවී තිබේ.

‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කරනු ලබන විමර්ශනයකදී ඒ බව හෙළිවී ඇති බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම දේ‍පොළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවටද ගොස් තිබිණි.